ක්‍රි.පූ. තෙවන සියවසේ දී, දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කිරීමෙන් ස්ථාපිතවු මෙම විහාරය ඉතිහාසයේ මුල් යුගවල සිට “ආලෝකලෙන” නමින් හැදින්වූ අතර පසුව අළුලෙන ලෙසද අවසානයේ, අලුවිහාරය බවටද පත්විය.
ඉන් අනතුරුව , වළගම්බා රජු දවස එනම් ක්‍රි:පූ පළමුවෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමගම ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවගේ වන්දනීය පුදබිමක් බවට පත්විය.
මාතලේ නගරයේ සිට දඹුල්ල නගරය දෙසට 2.1 කම් ගමන් කිරිමීදී ප්‍රධාන මර්හයට මුහුණලා මාර්ගයේ වම්පසින් අළුවිහාරයේ පිවිසුම් දොරටුව දැකගත හැක.
අලුවිහාරේ ලෙන් විහාරය, පාලි බෞද්ධ ත්‍රිපිඨකය පළමුවරට ග්‍රන්ථාරූඪ කළ ස්ථානය ලෙස වැදගත් වේ. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් බුද්ධ ධර්මය කට පාඩමින් පවත්වාගෙන ආහ. ක්‍රි.පූ. පළමු සියවසේ, වළගම්බා රජ සමයේ දී “බැමිණිතියාසාය” නමින් දරුණු දුර්භීක්ෂයක් ඇති වූ අතර එය වසර 12ක් තිස්සේ පැවතුනි. මෙම කාල වකවානුව තුළම ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය ආක්‍රමණයකටද ලක් වී තිබුණි. දුර්භීක්ෂය නිසා භික්ෂූන් වහන්සේලාට කැලෑ කොළ, අල, මුල් ආදිය වළඳමින් ඉතා අසීරු කාලයකට මුහුණ දීමට සිදුවිය. මෙම තත්වයන් යටතේ ධර්මය කට පාඩමින් මතක තබාගැනීම අපහසු විය. එම නිසා බුදු දහමට ඇති තර්ජනය භික්ෂූන් වහන්සේලාට අවබෝධ විය. ඔවුන් ගෙන් 60 නමක් පමණ මලය (කඳු) රටට වැඩිය අතර, තවත් පිරිසක් උතුරු ඉන්දියාවට වැඩිය බව කියැවේ. මලය රටට වැඩි පිරිස මහවැලි ගං ඉවුරු වල ඉතා අසීරු ලෙස කාලය ගත කළහ. ඔවුහූ දුර්භීක්ෂයෙන් මිය ගිය සතුන් දුටුවහ. බුදු දහම විනාශ වීමේ අවධානමක් ඇති බව උන් වහන්සේලාට අවබෝධ වූහ.
දුර්භීක්ෂය ගෙවී ගිය අතර, වසර 14 ක් තිස්සේ සැඟව සිටි වළගම්බා රජු නැවත කරළියට අවේය. මලය රටට හා ඉන්දියාවට වැඩම කල භික්ෂූන් වහන්සේලා නැවත පැමිණ, කල්ලගම ජනපදයට ඒකරාශී වූහ. මතු පරපුර වෙනුවෙන් බුදු දහම රැකගනු වස් ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කිරීමට ඔවුහූ කතිකා කරගත්හ. අනුරාධපුරය මේ සඳහා සුදුසු නොවන බව තේරුම් ගත් උන්වහන්සේලා, වළගම්බා රජුගේ අනුග්‍රහය ඇතුව “මාතුල ජනපදයේ”, ආලෝක ලෙන මෙම කාර්යයට සුදුසුම තැන ලෙස තෝරා ගන්නා ලදී. වර්තමානයේ, මාතලේ, අලුවිහාරේ ලෙසින් හැඳින් වෙන්නේ මෙම ස්ථානයයි
More on SrilankanExplorers->>>
https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1
Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB
Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88
Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV
Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH
Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd
Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13
Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T
Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC
Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei
Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK
Superb..!! Useful information.. Keep it up..!
thanks