Exploration Exploration Namaloya via Lathugala- ලාතුගල හරහා නාමල්ඔය
Start Date 03/11/2021
End Date 10/11/2021
Route Ampara > Walgampura > Pokungala > Natabun Viharaya > Lathugala > Namal Pokuna > Ampara
Basic needs Water.
Special Notes
Google Map Link Google Map
Autor

Exploration Namaloya via Lathugala- ලාතුගල හරහා නාමල්ඔය

— ලාතුගල හරහා නාමල්ඔය —-

අති විශාල වටිනාකමකින් හා ජෛව විවිදත්වයකින් යුත් ඉතා උස් වූ වියන් ස්තරයක් සහිත සුවිශාල ශාක සමූහයක් මෙම ලාතුගල කදු පංතිය තුල දක්නට ලැබේ.

ගවේශකයකු වශයෙන් ඔබට ලබාගත හැකි සියලුම අමිල අත්දැකීම් රාශියකින් පරිපූර්ණ වූ මෙම වනාන්තරය තෙත් කලාපීය කදුකර වනාන්තරයකට නැතිනම් වැසි වනාන්තරයකට එනම් සිංහරාජය හා සමාන අතිශය සුන්දර වනාන්තරයකට හිමිකම් කියයි.ලාතුගල යනු ගවේෂකකු ලෙස ඔබවිසින් ජීවිතයේ එක වරක් හෝ ගමන්කලයුතු ගමනන්තයකි. ඉතාමත් සුන්දර හා සිසිල් පරිසර කළාපයක් අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිට ඇතිබව කිසිදිනක ඔබ නොසිතනු ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 600 ක් පමණ ඉහලින් පිහිටි කදු පන්තියක් පිහිට ඇති මෙම ප්‍රදේශය කුඩා දියඇලි හා නටබුන් විහාර රාශියකින් සමන්විත ඉතාමත් පෞරාණික වටිනාකමකින් යුතු ප්‍රදේශයකි.

මෙම ගවේෂණය සඳහා අප අම්පාර නගරයේ සිට උහන- මා ඔය මාර්ගය ඔස්සේ “අන්දල ඔය හංදිය” දක්වා ගමන් කර එතනින් 27 වන ජනපද මාර්ගය ඔස්සේ වලගම්පුර වෙත ඔබට ලගාවිය හැක .

එහිදී වලගම්පුර පාසැලද පසුකරමින් වලගම්පුර අරණ්‍ය සේනාසනය දෙසට ගමන් කලයුතු අතර විශේෂ ස්ථාන ලෙස ඔබට වලගම්පුර දියඇල්ල මෙන්ම ,

Walagampura Waterfall

“පොකුණු ගල” නමින් හැදින්වෙන ඉතා අලංකාර පොකුණක්ද දැකගතහැකිය.

Pokunugala water tank

බිංගෙඩ ප්රදේශයෙන් වනාන්තරය වෙත පිවිසිය හැකි අතර තරමක දුශ්කර පැයකිහිපයකින් පසු කදු පංතියට අවතීරනය වේ….

කදු මුදුනින් වැටී ඇති අලංකාර සානුව ඔස්සේ දුශ්කර නමුත් අති සුන්දර කිලෝමීටර් 20 කට ආසන්න ගමනාන්තයකින් පසු නැවතත් නාමල් ඔය ජලාශයට පිවිසිය හැකි අතර ඒ ආසන්නයෙන් මහා මාර්ගයට පිවිසිය හැක යෝද පුස් වැල් (ලංකාවේ විශාලතම වැල්) වුවිසල් නුග හොර බුලු මොර කලුවර දිය වැල් තිබිරි යනාදී ශාක මෙන්ම මීවන විශේශ රාශියකින්ද සමන්විත වේ….

තරනයට අපහසු කදුගල් පර්වත පසුකර යන ඔබට මෙම කලාපය පුරාවටම විහිදී නාමල් ඔය ජලාශය බලා ගලා බසින කරන අති රමනීය වූ ඇල මාර්ග හා ස්වාභාවික තටාක සිය ගනනක පහස ලැබිය හැකි වේ.

ජීවිතයේ ඔබ දැකිය යුතුම ස්වාබාවදර්මයේ විශ්මය නිර්මාණයන් රාශියක් මෙම ලාතුගල කදු පංතිය තුල සැගව ඇති අතර වන සතුන් බහුලව ගැවසෙන ජනාවාසයන්ගෙන් තොර ස්වාභාවිකතවය උපරිමයටම ආරක්ශා වී ඇති මෙම වනාන්තරය ගාවේශනය පමනක් නොව ආරක්ශා කරගැනීමද අප සැමගේ වගකීමකි

 

More on SrilankanExplorers->>>

https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1

Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *